Posts

Showing posts from August, 2025

හෙල්බද්දර පද්මේ සමාව අයදී.

Image
  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගුවන් මගින් ගෙන එන ලද සංවිධානාත්මක පාතාල කණ්ඩායම් ප්‍රබලයකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්කන්ද සිල්වා මහතාගෙන් සමාව ඉල්ලා තිබේ. ඒ ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපලට ඔවුන් ගුවන් මගින් ගෙන ආ අවස්ථාවේදීය. කෙහෙල් බද්දර පද්මේ විදේශ රටක සිට ලින්කන් සිල්වා මහතාට දුරකථන මගින් මරණ තර්ජන කර තිබිණ. තමන්ට ඔහු සමග කතා කරන්න අවශ්‍ය බවට කෙහෙල්බද්දර පත්මේ දන්වා ඇතත් ලින්කන් සිල්වා මහතතා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. මෙරටට ගෙන එන සියලු අපරාධකරුවන් ‍ත‍්‍රස්ත මර්දන පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටී.

වෙන්නප්පුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනාම අල්ලයි

Image
0 156 වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (31) රාත්‍රී කාලයේදී වෙන්නප්පුව නගරයේදී අපරාධයට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 26 සහ 29 වයස්වල පසු වන වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු බව කියන වයස් අවුරුදු 35ක අයෙක් ඊයේ (31) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගැනුණා. එහිදී අපරාධය සඳහා ඔවුන් පැමිණි මෝටර් රථය කඩුවක් සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයා ගැනුණා. ඒ, අනුව මෙම අපරාධය සම්බන්ධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ (31) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක් කර අනතුරුව තියුණු ආයුධවලින් පහර දී ස...

හම්බන්තොට චීන තෙල් පිරිපහදුවට අවසන් එකගතාවක් නෑ..

Image
  හම්බන්තොට ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට නොපැමිණියද, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා සිනොපෙක් සමාගම උනන්දුවක් (EOI) පළ කර ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි. CPC හි කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා තහවුරු කළේ සිනොපෙක් සපුගස්කන්ද කෙරෙහි උනන්දුවක් දක්වා ඇති බවත්, එම සමාගම එකවර පිරිපහදු ව්‍යාපෘති දෙකම ගවේෂණය කිරීමට තීරණය කිරීම හම්බන්තොට ව්‍යාපෘතිය ප්‍රමාද වීමට හේතුව විය හැකි බවත්ය. “සිනොපෙක් දැන් දෙවන ව්‍යාපෘතියක් සලකා බලමින් සිටින අතර, එය හම්බන්තොට ගනුදෙනුව අවසන් කර නොමැති වීමට හේතුව විය හැකියි. නමුත් හම්බන්තොට සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය වෙනස් වී නැහැ” නෙත්තිකුමාරගේ මහතා පැවසීය. බිලියන ගණනක තෙල් පිරිපහදු හා ගබඩා සංකීර්ණයක් ලෙස මුලින් අපේක්ෂා කළ හම්බන්තොට පිරිපහදුව බොහෝ ප්‍රමාද වී ඇති අතර, ගනුදෙනුව අවසන් කිරීම සඳහා කිසිදු නිශ්චිත පියවරක් ගෙන නොමැත. නෙත්තිකුමාරගේ මහතා පෙන්වා දුන්නේ, සපුගස්කන්ද කෙරෙහි සිනොපෙක් නැවත අවධානය යොමු කිරීම “ඔවුන් ව්‍යාපෘති දෙකම එකවරම සලකා බලනවා වන්නට පුළුවන්,” යනුවෙනි. ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරී තෙල් ...

කෙහෙල්බද්දර පද්මෙලාගේ බිලියනයකට අධික දේපල තහනම් කරන්න යයි…

Image
ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකාරයන් පස් දෙනාට අයත් මෙරට ඇති රුපියල් කෝටි ගණනක චංචල සහ නිශ්චල දේපොළ සියල්ල රජයට පවරා ගැනීමේ විමර්ශන නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මගින් ආරම්භ කර ඇත. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේට අයත් ගම්පහ, මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ඇතුළු තවත් ප්‍රදේශ කීපයක පිහිටි රුපියල් කෝටි 75කට ආසන්න වටිනාකමෙන් යුත් දේපොළ මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. තවත් කෝටි ගණනක දේපොළ හඳුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. කෙහෙල්බද්දර පද්මේ බොහෝ දේපොළ මිලදී ගෙන ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ගේ නම්වලට බව හඳුනාගෙන ඇති විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. මෙසේ හඳුනාගත් දේපොළ අතර හෝටල්, නිවාස, ඉඩම්, ගොඩනැඟිලි, වාහන ඇතුළු තවත් දේපොළ රැසක් තිබෙන බව පොලිසිය පවසයි. මේ අතර අත්අඩංගුවේ සිටින කොමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාල අපරාධකාරයන්ට අයත් සියලුම දේපොළ සොයා නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ආණ්ඩුව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි..- SB

Image
ආණ්ඩුව ඇතැම් කාරණාවල දී අන්තවාදී පැතිවලට ඇදී යාමේ ස්වභාවයක් දැකගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. පළිගැනීම වැනි පෞද්ගලික කාරණා කෙරෙහි මෙලෙස යොමු වන බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වුව ද නීතිය යුක්තිය සාධාරණත්වය සැමට සමාන යැයි සිතමින් කටයුතු කිරීමට උත්සාහ කිරීම ගැන සතුටු වන බව ද එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.

බිරියට පිහියෙන් ඇන මැරූ හබරාදුවේ සැමියා අත්අඩංගුවට

Image
  ගාල්ල, හබරාදූව, අමුකොටුව කන්ද ප්‍රදේශයේදී පිහියකින් ඇණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා සැකපිට හබරාදූව පොලීසිය මගින් අද (31) අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට (01) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හබරාදුව පොලීසිය කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අමුකොටුව කන්ද, පිලාන, අගුලුගහ ලිපිනයේ පදිංචි ලබැදුම විතානගේ ජගත් රුවන් කුමාර (48) නැමැති අයයි. අමුකොටුව කන්ද, පිලාන, අගුලුගහ ලිපිනයේ පදිංචිව සිටි ඉදිරිමුණි නන්දනී රුද්‍රිගු (42) නැමැති තිදරු මවකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් පෙරේදා (29) රාත්‍රියේ සිද්ධිය වූ ස්ථානයේදී හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ සී පී පෙරේරා මහතා විසින් ඊයේ (30) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වා තිබේ.  පිහි ඇණුම් හේතුවෙන් හෘදය හා අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට සිදු වූ බරපතල හානි හා අධික රුධිර...

වෙන්නප්පූවේදී මහ දවල් පිහියෙන් ඇන වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

Image
  වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී අද (31) දින පෙරවරු 10.30 ට පමණ සිදු වූ පිහි ඇනුම් හා වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  මෝටර් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පළමුව අනතුරට ලක්කර, පසුව තියුණු ආයුධවලින් පහරදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මෙම ප්‍රහාරයෙන් යතුරුපැදියේ ගමන්ගත් එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. මියගිය පුද්ගලයා මහාධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියේ පෙනී සිට අත්සන් තබා නැවත නිවස බලා යමින් සිටියදී මෙම අපරාධයට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. එළඹෙන සැප්තැම්බර් මස 09 වන දින අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ

කුඩු ජාවාරම්කරුවකු මුදා හැරීමට ලක්‍ෂ 20ක් අල්ලස් ගනිද්දී නිලධාරින් තිදෙනෙක් අත්අඩංගුවට…

Image
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වංකානේ සුරාබදු කාර්යාලය අසල පිහිටි නිවසක රඳවා සිටින බවත්, එම සැකකරුට නීතිමය ක්‍රියාමාර්ග නොගෙන මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඉල්ලා සිටින බවට එම සැකකරුගේ  සහෝදරියක විසින් 2025.08.30 වන දින දහවල් කාලයේ උතුරු පළාත් අපරාධ කොට්ඨාසය වෙතපැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 2025.08.30 වන දින සවස් කාලයේ පැමිණිලිකාරිය විසින් සැකකරු රඳවා සිටි වඩුක් කෝට්ටේ පොලිස් වසමේ වංකානේ සුරාබදු කාර්යාලය අසලට ගොස් ඇති අතර එම අවස්ථාවේ පැමිණිලිකාරියට අදාල මුදල් රැගෙන සුරාබදු කාර්යාලය තුලට පැමිණෙන ලෙසට සැකකරුගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලැබී ඇත. ඒ අනුව පැමිණිලිකාරිය කාර්යාලය තුළට ගොස් මුදල් ලබාදී සැකකරු මුදවාගෙන පිටතට පැමිණිමේදී එම පරිශ්‍රයේ රැදි සිටි උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සුරාබදු කාර්යාලය වටලා ඇත. එම අවස්ථාවේ සුරාබදු කාර්යාලය තුළ නිළ ඇඳුමින් සිටි සුරාබදු නිලධාරියෙකු අදාල මුදල් රැගෙන පලායාමට උත්සාහ කර ඇත. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරු ඔහු සන්තකයේ තිබූ රු...

රනිල්ගෙන් පසු මෛත්‍රී, ගෝඨා අවදානමක බව සිළුමිණ කියයි

Image
  හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු දේපොළ අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානමින් සිටින බව සිළුමිණ පුවත්පත වාර්තා කර තිබේ. මේ සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු සියල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇති බවද පැවසේ.  එම තොරතුරු යොදාගනිමින් අදාළ පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.  නීතිඥවරු මේ දිනවල මීට අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවද එම වාර්තා වේ දැක්වෙන අතර මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත සිදු කළ ඉදිකිරීම් කිහිපයක් සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හරහා සිදු කළ කටයුතු කිහිපයකට අදාළ තොරතුරු මේ අතර ඇතැයි ද පැවසේ. මේ පිළිබඳ අදහස් දක්වන මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ තොරතුරු සහිතව එවැනි පැමිණිලි ඉදිරිපත් වුව හොත්, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසි...

රනිල්ට එවූ ආරාධනාව සත්‍යයි..- බ‍්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් සරසවිය තහවුරු කරයි..

Image
  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය විශ්වවිද්‍යාලය විසින් එවන ලද ආරාධනා පත්‍රය සත්‍ය එකක් බව එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තහවුරු කරයි. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා   සිය සමාජ මාධ්‍ය ගිණුමේ අදාළ  ලිපියේ ඡායාරූපයක්ද පළ කරමින් මේ බව සඳහන් කර ඇත. මෙම ලිපිය, හිටපු ජනාධිපතිවරියගේ බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට 2023 වසරේදී ගෞරව උපාධියක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කරන ලද්දකි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දැන් කිරියි පැණියි වගේ… අනිවාර්යයෙන් ජසබ – එජාප එකතු වෙනවා… ආශු සහතික වෙයි!

Image
  රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කිරි සහ පැණි සේ එකට එක් වී සිටින බවත්,  එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීම ස්ථිර බවත්  ආශු මාරසිංහ පවසයි. තමන් අනාගත සුබ සිහිනයක් දකින බව ද ආශු මාරසිංහ කියයි. යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් ඔහු අද මේ බව කියා සිටියේය. “ පහුගිය මැතිවරණයේදීත් මේ එකතුව කරන්න අපි උත්සාහ කළා. ඒ සදහා මැති ඇමතිවරු කීප දෙනෙකුත් එකතු වුනා. අපි සියලු දෙනාම එක හඬින් කිව්වෙ සජබ කියන්නෙ  එකසත් ජාතික පක්ෂයමයි. මහ ගෙදරට ඔක්කොම එන්න කියලා. නැවත ඇවිත් මහ ගෙදර හොඳට හදාගනිමු. ලංකාවෙ පැරණිම පක්ෂය මේක. මේක විනාශ වෙන්න දෙන්න බෑ කියලා  කිව්වේ මම.” “ අද හොඳ තැනකට ඇවිත් තියනවා. මම හිතන්නෙ නායකයො දෙන්නම…  රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා.  සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ හිටපු නියෝජ්‍ය නායකයා. මේ දෙදෙනා ඉන්න ඕන එකට. ඒක ඉතාම හොඳ දෙයක්. දෙන්නම අඩියක් පස්සට අරන් තියනවා. ඒක ඉතාම වටිනවා. “

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයින් පිරිස දිවයිනට ...

Image
  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස් දෙනා ‍අද (30) මෝට සුළු මොහොතකට පෙර දිවයිනට රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවා ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙක් පසුගිය 27 වැනිදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත්තා. මෙම මෙහෙයුම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන දෙදෙනා මෙරටින් සහභාගි වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් විශේෂ කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේ අදාළ මෙහෙයුම සිදු කළ කණ්ඩායමට මෙරට නිලධාරීන් දෙදෙනෙකු පමණක් වූ බැවිනුයි. මේ අතර, මෙම අපරාධකරුවන් අතර සිට අත්අඩංගුවට පත් බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ ඇගේ දරුවා ජකර්තා පොලිසිය මගින් මුදා හැර තිබුණේ එම කාන්තාවට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර නොම...

ජනපති මන්දිර නිවාඩු නිකේතන කරන්න පුද්ගලික අංශයට ඇරයුම්

Image
    නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම වැනි ප්‍රධාන සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස, දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගත් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට විවෘත ආරාධනයක් සිදුකර තිබේ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, 2026 වසර සඳහා වන පූර්ව අයවැය යෝජනා සකස් කිරීමේ ಭಾಗයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 2026 වන විට සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය. ඒ වෙනුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු විසින් අවධාරණය කරන ලදී. මෙම සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී තමන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපත...