වෙන්නප්පුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනාම අල්ලයි


වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (31) රාත්‍රී කාලයේදී වෙන්නප්පුව නගරයේදී අපරාධයට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 26 සහ 29 වයස්වල පසු වන වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු බව කියන වයස් අවුරුදු 35ක අයෙක් ඊයේ (31) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගැනුණා.

එහිදී අපරාධය සඳහා ඔවුන් පැමිණි මෝටර් රථය කඩුවක් සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයා ගැනුණා.

ඒ, අනුව මෙම අපරාධය සම්බන්ධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (31) පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක් කර අනතුරුව තියුණු ආයුධවලින් පහර දී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් අ‍නෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර කෙරුණා.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…