කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයින් පිරිස දිවයිනට ...

 




ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පස් දෙනා ‍අද (30) මෝට සුළු මොහොතකට පෙර දිවයිනට රැගෙන එනු ලැබුවා.



ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවා ඇතුළු අපරාධකරුවන් පස්දෙනෙක් පසුගිය 27 වැනිදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත්තා.

මෙම මෙහෙයුම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන දෙදෙනා මෙරටින් සහභාගි වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් විශේෂ කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේ අදාළ මෙහෙයුම සිදු කළ කණ්ඩායමට මෙරට නිලධාරීන් දෙදෙනෙකු පමණක් වූ බැවිනුයි.

මේ අතර, මෙම අපරාධකරුවන් අතර සිට අත්අඩංගුවට පත් බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ ඇගේ දරුවා ජකර්තා පොලිසිය මගින් මුදා හැර තිබුණේ එම කාන්තාවට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඇය සහ දරුවා දිවයිනට පැමිණි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවෙක් සමඟ සබඳතා පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ඇය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන අතර ඇගේ තුන් හැවිරිදි දරුවා ඥාතීන් වෙත භාරදීමට පියවර ගත් බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව සහ කජ්ජා ඝාතනය ඇතුළු කලක් තිස්සේ මෙරට සිදුවූ බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය, ඉන්දුනීසියානු පොලිසිය සහ මෙරට පොලිසියේ විශේෂ කණ්ඩායමක්, සතියක පමණ කාලයක් සිදුකල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් පසුවයි.

ඒ අනුව ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් චෝදනා 07ක් සහ කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවාට චෝදනා 11ක් පවතින බව සඳහන්.

මේ අතර, අත්අඩංගුවට ගත් මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙරට සිටින දෙවන පෙල සාමාජිකයින් මේ වන විට හඳුනාගෙන ඇති බව අපරාධ වාර්තා කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…