ජනපති මන්දිර නිවාඩු නිකේතන කරන්න පුද්ගලික අංශයට ඇරයුම්

  




නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම වැනි ප්‍රධාන සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස, දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගත් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට විවෘත ආරාධනයක් සිදුකර තිබේ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.



ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, 2026 වසර සඳහා වන පූර්ව අයවැය යෝජනා සකස් කිරීමේ ಭಾಗයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 2026 වන විට සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය.

ඒ වෙනුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ නව උපායමාර්ගික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු විසින් අවධාරණය කරන ලදී.

මෙම සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී තමන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අභියෝග පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එම ගැටලු විසඳා ගනිමින් කර්මාන්තයේ උන්නතිය සඳහා වන යෝජනා හා සැලසුම් ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට ඇරයුම් කළේය.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 

මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරික නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.


ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිර  කොළඹ කොටුවේ පිහිටි ප්‍රධාන ජනාධිපති මන්දිරය (රජගෙදර) හැර
රට පුරා පිහිටි අනෙකුත් ජනාධිපති මන්දිර  මහනුවර (හිටපු පිළිමතලාවේ අධිකාරම්ගේ වලව්ව), නුවරඑළිය (හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ විවේක නිවස), අනුරාධපුර (වැව් තාවුල්ලේ පිහිටි මන්දිරය), මහියංගණය, කතරගම, කෑගල්ල (ඩෝසන් බංගලාව), යාපනය (කන්කසන්තුරේ නව මන්දිරය)  හා අම්පාර ලාහුගල තිබේ.
 යාපනයේ සහ අම්පාර ලාහුගල නව ජනාධිපති මන්දිර 2014 තරම් මෑතක ඉදි විය.


යාපනය මන්දිරය සඳහා කෝටි දෙසීයකට අධික මුදලක් හා ලාහුගල මන්දිරය සඳහා කෝටි 110 ක් ඉදිකිරීම් වෙනුවෙන් වැය කිරීම ගැන එකල කථාබහට ලක්විය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…