IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ පහක්…


IMF ශ්‍රී ලංකාවට ඉටු කරන්න කියන තවත් වැඩ පහක්…




IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමිනි. IMF විධායක මණ්ඩලය මෙම 5 වැනි සමාලෝචනය අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 347 ක පමණ මීළඟ ණය වාරිකය හිමිවනු ඇත.

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ මෑත කාලීන සාර්ව ආර්ථික වර්ධනයන් සහ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා, ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 9 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙහෙයුම අවසානයේ, දූත මණ්ඩල ප්‍රධානී පපාජෝ(ර්)ජියෝ අද (ඔක්තෝබර් 9 වැනිදා) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසුවේ, ණය වැඩ සටහන යටතේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව යි.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටම අභිබවා යෑම, උද්ධමනය එහි ඉලක්කය කරා ළඟා වීම, විදේශ සංචිත ගොඩනැගීම සහ රාජ්‍ය මූල්‍ය ආදායම් වැඩි දියුණු වීමත් සමග ඵල දරමින් ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙහිදී සඳහන් කළේය.


අවිනිශ්චිත ගෝලීය තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම තහවුරු කිරීම, සහ ශ්‍රී ලංකාවේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන පවත්වාගෙන යෑම ඉතා වැදගත් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු තවත් ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙහිදී අනාවරණය කර සිටියේය.

අවිනිශ්චිත ගෝලීය තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම තහවුරු කිරීම, සහ ශ්‍රී ලංකාවේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන පවත්වාගෙන යෑම ඉතා වැදගත් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු තවත් ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙහිදී අනාවරණය කර සිටියේය.

1. පිරිවැය-ප්‍රතිසාධන බලශක්ති මිලකරණය
පිරිවැය-ප්‍රතිසාධන බලශක්ති මිලකරණය පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නැවත අවධාරණය කර තිබේ.

රාජ්‍ය ව්‍යවසායන්වල (SOEs) පාලනය ශක්තිමත් කිරීමට සහ මූල්‍ය ශක්‍යතාව සහතික කිරීමට සහ මූල්‍ය අවදානම් අවම කිරීම තුළින් එම ආයතනවල ණය විසඳීමට එය උපකාරී වනු ඇත.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්, රජය සතු ව්‍යවසායන්, රාජ්‍ය ප්‍රසම්පාදනය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණය සම්බන්ධයෙන් වන ඉදිරි පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සහ යහපත් භාවිතයන්ට අනුකූල විය යුතු බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කර තිබේ.

2. මහ බැංකුවේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම
අයවැය සඳහා මුදල් මූල්‍යකරණයෙන් වැළකී සිටීම ඇතුළුව, මහ බැංකුවේ ස්වාධීනත්වය අඛණ්ඩව ආරක්ෂා කළ යුතුය යන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කර ඇති තවත් කාරණයකි.

අක්‍රීය ණය ගනුදෙනු විසඳීම, රාජ්‍ය බැංකුවල පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ බංකොලොත්භාවය සහ විසඳුම් රාමුව වැඩිදියුණු කිරීම; ණය වර්ධනය පෝෂණය කිරීමට සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට වැදගත් වන බවද IMF අවධාරණය කර සිටියේය.

3. දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දීම
ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම, AML/CFT රාමුව ශක්තිමත් කිරීම, ඩිජිටල්කරණය ඇතුළු ආදායම් පරිපාලනයේ දූෂණ විරෝධී පියවර වලට ප්‍රමුඛත්වය දීම සහ විද්‍යුත් වත්කම් ප්‍රකාශන ක්‍රියාත්මක කිරීම දූෂණ අවදානම් අවම කිරීමට දායක වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) බඳවා ගැනීම් වේගවත් කළ යුතුය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ පත් වීම ගැන දැන් ආන්දෝලනයක් මතුවී ඇත්තේ ඇයි?
දූෂණ විරෝධී පනතට අනුකූලව CIABOC හි ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුය. ශ්‍රී ලංකාවේ විභව වර්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රධාන වනු ඇති බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

4. ඉතිරි නිල සහ වාණිජ ණයහිමියන් සමග ණය ගිවිසුම් අවසන් කිරීම
තවදුරටත් ඉතිරිව සිටින නිල සහ වාණිජ ණයහිමියන් සමග ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අවසන් කිරීම වේගවත් කිරීමේ අවශ්‍යතාව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා එය ප්‍රධාන වන බව යි.

5. දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම
දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවයක් දැක්විය යුතු බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කරයි.

සමාජ සුබසාධන වියදම් ඉලක්ක කිරීම, එහි ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩිදියුණු කිරීම උදෙසා, සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ සැලැස්ම ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව ද IMF සඳහන් කරයි.

– BBC

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…