විදුලි බිද වැටීමක අවදානමක්..

විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය ඊයේ සිට ක‍්‍රියාත්මක වෘත්තිය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රට විදුලි කප්පාදුවක අවදානමට මුහුණ පා ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
මෙම තීරණය අත්තනෝමතිකව ගත් තීරණයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් සියලුම අදාළ බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පැවසූ ඔහු වෘත්තීය සමිතියේ සිය කාර්යන්වලින් ඉවත් වීමට හේතු ලිපි මගින් පැහැදිලිව දක්වා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
‘සියලුම නඩත්තු සහ බිඳවැටීම් කටයුතු සිදු කරනු ලබන්නේ සම්මත පැය අටේ වැඩ කරන කාලය තුළ පමණයි. ඉන් ඔබ්බට හදිසි අවශ්‍යතාවයක් තිබුණද නඩත්තු හෝ බිඳවැටීම් කටයුතු සිදු කරන්නේ නැහැ’ ඔහු අවධාරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආරම්භ වූ වෘත්තීය සමිති විරෝධතාවය මේ වන විට උසස්වීම් අත්හිටුවීම නොගෙවූ වැටුප් හිඟ මුදල් සහ තාවකාලික රුපියල් 10,000 දීමනාව ස්ථිර කිරීමේ ඉල්ලීම දක්වා පුළුල් වී ඇති බව පාලිත මහතා සඳහන් කළේය.
මීට අමතරව 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හිඟ මුදල් සහිතව 25% ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසද සංගමය ඉල්ලා සිටියි.
Comments
Post a Comment