පුතා මෙහෙයවන්නේ ඒ අයයි… ලියුමත් ලියුවේ පුතා නොවේ.. තජුඩීන් ඝාතකයන් ඔවුන්මයි..- කජ්ජාගේ බිරිද මාධ්‍ය හමුවේ

අනුර විධානගමගේ හෙවත් කජ්ජා තජුඩීන් ඝාතනයට සම්බන්ධ නැති බවටත් තම පියා ඝාතනය කලේ තම මව විසින් යයි සැකයක් ඇති බවටත් කජ්ජාගේ පුත‍්‍රයා විසින් ඊයේ දින සිදු කරන ලද ප‍්‍රකාශය කජ්ජාගේ බිරිඳ විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඇය පැවසුවේ රාජපක්ෂලා හෝ කපිල දිසානායක යන පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් තම පුත‍්‍රයා මෙහෙයවන බවය.
දරුවාගේ අධ්‍යාපන මට්ටම ඉතාම ප්‍රාථමික මට්ටමේ ඇති අතරල ෆේස්බුක්හි පල කර තිබූ ලිපිය දරුවාගේ ඔහුයේ නොවන බවත්ල තව කෙනෙක් ලියූ දෙයක් දරුවා සමාජගත කළ බවත් ඇය කියා සිටී.
මේ සදහා දරුවා යොදාගැනීමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ තාජුදීන් ඝාතනයට අදාළව ඇය දුන් වැදගත් සාක්ෂිය නොවැදගත්කමක් ලබා දීම හෝ යටපත් කිරීම බව ඇය තරයේ කරයි.
කපිල දිසානායකට තම දරුවන්ගේ මරණය පිටුපස ඇති හස්තය එළියට එන එක නවත්වන්නට අවශ්‍ය නිසා මේ සියල්ල කරන බවත් එය පෙන්වා දෙයි.
පියා 2012 තාජුදීන් ඝාතනයට සම්බන්ධ නැති බවත්, ඒ වන විට ඔහු කොළඹ බස් රථයක සේවය කළ බවටත් දරුවා කල ප්‍රකාශය බැහැර කරමින් ඇය පවසන්නේ කජ්ජා කරගම්පිටිය බස් රියදුරෙකු ලෙස අවසානයට සේවය කළේ 2009 වසරේ අවසාන වන තෙක් පමණක් බවයි.
ඔහුගේ පළමු දරුවා ඉඳුවර 2010 ජනවාරි 3 වන දින ඉපදීමෙන් පසු ඔවුන් ගමට ගොස් ඇති අතරල ඉන්පසු ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ කපිල දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරු රැකියාවකට යොදවන ලද බවත් ඇය හෙලි කරයි.
ඔහු එම රැකියාව 2011 සිට 2013 මුල දක්වා කර ඇති බවත් එම කාලය තුළ කපිල දිසානායක කොළඹ පැමිණි අවස්ථාවලදී තම ස්වාමිපුරුෂයා සමඟ ගමන් කළ බව බිරිඳ වැඩිදුරටත් සඳහන් කරයි.
කජ්ජාගේ බිරිඳ දැඩිව පවසන්නේ තම දරුවා ඉඳුවර වෙන කෙනෙකු විසින් මෙහෙයවනු ලබන බවයි.
කපිල දිසානායක නම් පුද්ගලයාගේ දියණියක් සමඟ තම පුතා වසර දෙකක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවත් ඇය හෙලි කරයි.
අවුරුදු 16ක දරුවෙක් මේ ආකාරයේ දේවල් සදහා පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් බවත් එය නීත්‍යානුකූලව බරපතල වරදක් බවත් ඇය කියා සිටී.
ඒ අනුව දරුවා මාධ්‍යට යොදා ගැනීම පිළිබඳව වහාම නීත්‍යානුකූලව විමර්ශනයක් පවත්වන ලෙස ඇය ඉල්ලයි.
දරුවාගේ ජීවිතය අනතුරදායක තත්ත්වයක පවතින බව පෙන්වා දෙන ඇය තමාට හෝ තම දරුවාට යම්කිසි අනතුරක් සිදුවුවහොත්ල කපිල දිසානායක ඇතුළු තාජුදීන් ඝාතනයට සම්බන්ධ සියලුම දෙනා වගකිව යුතු බව පවසා සිටී.
තම ස්වාමිපුරුෂයා සහ දරුවන් මරන්න නියෝග දුන් පුද්ගලයන්ට ඉක්මනින්ම දඬුවම් දෙන ලෙස ද ඇය ඉල්ලයි.
Comments
Post a Comment