BYD මෝටර ධාරිතා ගැටළුව උග‍්‍ර වේ.. Atto3 ගෙන්වීම අත්හිටුවයි… ඇණැවුම්කරුවන්ට විකල්ප දෙයි..

 


BYD මෝටර ධාරිතා ගැටළුව උග‍්‍ර වේ.. Atto3 ගෙන්වීම අත්හිටුවයි… ඇණැවුම්කරුවන්ට විකල්ප දෙයි..

ශ්‍රී ලංකාවේ BYD වාහන ආනයනකරු වන ජෝන් කීල්ස් සමාගම (John Keells) විසින් BYD ATTO 3 විදුලි මෝටර් රථ වෙන්කරවා ගත් පාරිභෝගිකයන් පිරිසකට, ශ්‍රී ලංකා රේගුව සමග මතුව ඇති ගැටලුවක් හේතුවෙන් බෙදාහැරීම් ප්‍රමාද වන බවට දැනුම් දෙමින්, විකල්ප තුනක් සහිත ලිපියක් යොමු කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.


රේගුව සමඟ පවතින නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් දැනට පවතින ඇනවුම් සඳහා නිශ්චිත බෙදාහැරීමේ දිනයක් ලබා දිය නොහැකි බව සමාගම එම ලිපියෙන් පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත. වාහන ගෙන්වීමට නොහැකි වීම තමන්ගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත සිදුවූවක් බවද සමාගම අවධාරණය කරයි.

ජෝන් කීල්ස් සමාගම විසින් පාරිභෝගිකයන්ට ලබා දී ඇති විකල්ප ත්‍රිත්වය පහත පරිදිය:

BYD SEALION 5 වෙත මාරු වීම
පාරිභෝගිකයන්ට තම වෙන්කරවා ගැනීම BYD SEALION 5 මාදිලියට මාරු කළ හැකිය. රුපියල් මිලියන 18.2 ක නියමිත මිල වෙනුවට රුපියල් මිලියන 16.925 ක විශේෂ වට්ටමක් යටතේ වාහනය ලබා දීමට නියමිතය. මෙය තහවුරු කිරීමට පාරිභෝගිකයන් විසින් අමතරව රුපියල් 200,000 ක මුදලක් ගෙවිය යුතු අතර, දෙසැම්බර් මාසයේ සිට බෙදාහැරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

පොලී සමඟ මුදල් ආපසු ගැනීම
අදාළ ඇනවුම ඉදිරියට ගෙන නොයෑමට තීරණය කරන්නේ නම්, ගෙවන ලද මුදලට අමතරව 10% ක පොලියක් ද සමඟ සම්පූර්ණ මුදල ආපසු ඉල්ලා සිටිය හැකිය. මෙම මුදල වැඩ කරන දින 3ක් තුළ ආපසු ගෙවන අතර, සියලුම මුදල් ආපසු ඉල්ලීම් ඔක්තෝබර් 10 වන දිනට හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

වෙන්කරවා ගැනීම එලෙසම තබා ගැනීම
මුලින් වෙන්කරවා ගත් BYD ATTO 3 මාදිලිය සඳහාම දිගටම රැඳී සිටීමට කැමති නම්, එම ඇනවුම් එලෙසම රඳවා තබා ගන්නා බවත්, එම මාදිලිය යළි ආනයනය කිරීමට හැකි වූ වහාම ඇනවුම ප්‍රමුඛතාවය මත බෙදාහරින බවත් සමාගම පවසා ඇත.

මෙම විකල්ප තුනෙන් එකක් කඩිනමින් සමාගමට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇති ජෝන් කීල්ස්, පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ සහයෝගය වෙනුවෙන් ස්තූතිය පල කර තිබේ.

BYD ATTO 3 වාහන තොගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ ජෝන් කීල්ස් සමාගම අතර මෝටර් රථයේ මෝටර් ධාරිතාව (Motor Capacity) ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මතභේදයක් පවතී. වාහනය 100kW ලෙස ප්‍රකාශ කර තිබුණත්, එහි සවිකර ඇති මෝටරය 150kW ධාරිතාවකින් යුක්ත විය හැකි බවට රේගුව සැක පළ කර ඇත. මෙම ධාරිතා වෙනස නිසා රථයට අයකළ යුතු ආනයන බද්ද රුපියල් ඉහළ යා හැකි බවට වාර්තා පළ විය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…