සභාපතිලා හතරක් ඉවත් වෙති…

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන ආයතන හතරක ප්‍රධානීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඇත.
මෙම තීරණයට අනුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, තල් සංවර්ධන අධිකාරිය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ කජු සංස්ථාව යන ආයතනවල සභාපතිවරුන් ඉවත් කරනු ලැබීය.
තවද, මෙම අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන කිහිපයක සභාපතිවරුන් ද ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
අවසන් වරට ඉවත් කරන ලද කජු සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව පවත්වන ලද විගණන පරීක්ෂණයකින් හඳුනාගත නොහැකි වියදම් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය අගෝස්තු 15 වැනිදා තම ධූරයෙන් ඉල්ලා අස්විය.
තරු පහේ හෝටලයක කළමනාකරුවෙකු ලෙසද කටයුතු කළ ඔහු ප්‍රමාදවී සේවයට පැමිණීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවක් නොමැතිවීම හේතුවෙන් ඔහුගේ ධූරයෙන් ඉවත් කර ඇත.
තල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද විගණන වාර්තාවක් මත පදනම්ව ඉවත් කර ඇත.
Comments
Post a Comment