තරග පාවා දුන්නැයි සචිත‍්‍රට අධි චෝදනා බාර දේ…

තරග පාවාදීමට අනුබල දීමේ චෝදනාව මත, හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එලෙස අධිචෝදනා භාර දුන්නේ හම්බන්තොට මහාධිකරණයේදී ය.
එහිදී නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර දෙන ලද්දේ විනිසුරු ඩී.පී. මුදුන්කොටුව මහතා ඉදිරියේ ය.
තවද, විත්තිකරුට අධිචෝදනා භාර දීමෙන් පසු, ඔහුගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට අධිකරණය නියෝග කළේය.
එසේම, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමටද අධිකරණය නියෝග කර ඇත.
Comments
Post a Comment