මහ මෝලුන්ට රිදෙන්න කීරි සම්බා රටින් ගෙන්නයි…

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසා සිටියේ, යල් කන්නයේ වී අස්වැන්න සැලකිල්ලට ගෙන වෙළෙඳපොළේ ඇතිවිය හැකි ප්‍රශ්න විසඳීම සඳහා දැනටමත් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවයි.
ඔහු අවධාරණය කළේ, කීරි සම්බා සහල් හිඟයක් ඇති වුවහොත් එය ආනයනය කිරීමට රජය සූදානම් බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආහාර සුරක්ෂිතතා කමිටුව තුළද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත්, කීරි සම්බා වැඩි මිලට විකිණීම සඳහා සඟවා තබන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
මේ අතර, කිරි සම්බා සඟවා තබන සහ අධික මිලට අලෙවි කරන පුද්ගලයන්ට නඩු පැවරීම සඳහා රජය දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
ඒ සඳහා අවශ්‍ය වැටලීම් කණ්ඩායම් දැනටමත් අදාළ ප්‍රදේශවලට යොමු කර තිබේ.
Comments
Post a Comment