අගවිනිසුරුගේ රථ පෙල වීඩියෝ කලැයි අයෙක් රිමාන්ඩ්.. දුරකතනයත් රස පරීක්‍ෂකට…


අගවිනිසුරුගේ රථ පෙල වීඩියෝ කලැයි අයෙක් රිමාන්ඩ්.. දුරකතනයත් රස පරීක්‍ෂකට…





අගවිනිසුරුවරයා ගමන් ගත් රථ පෙළක් ජංගම දුරකථනයකින් වීඩියෝ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සැකකරු කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලදී.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බවයි.

එමෙන්ම, සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවත්, ඔහුට ඇප ලබා දෙන ලෙසත්ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු එදින දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළ අතර, ජංගම දුරකථනය රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…