ජනපතිට ජපානයෙන් ලොකු තෑග්ගක්… බිලියන දෙකක ප‍්‍රදානයක්…


ජනපතිට ජපානයෙන් ලොකු තෑග්ගක්… බිලියන දෙකක ප‍්‍රදානයක්…





දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගිතා පසුබිම තුළ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 463 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 500ක් වශයෙන් ජපන් යෙන් මිලියන 963 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.

කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ආධාර ලබා දීමට ද නියමිත ය.


ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ජපානයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී මෙම ව්‍යාපෘති වලට අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියවිලි අත්සන් තැබීමට නියමිතව ඇති අතර, ඒ අනුව, ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…