අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- Get link
- X
- Other Apps

රජයේ පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර, 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සමඟම, මෙම විෂයට අදාළව මේ දක්වා නිකුත් කර තිබූ සියලු චක්‍රලේඛ උපදෙස් අවලංගු වනු ඇත.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී, එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව නියමිත සීමාව තුළ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, අධ්‍යාපනය ලැබීමට සෑම දරුවෙකුටම ඇති අයිතිය සුරක්ෂිත කරමින්, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව පැනනැගී තිබිණි.
නව ක්‍රමවේදය යටතේ, විවිධ වූ සාධාරණ හේතූන් මත තමන් දැනට ඉගෙනුම ලබන පාසලෙන් වෙනත් පාසලකට මාරු වීමට සැබෑ අවශ්‍යතාවක් පවතින සිසුන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට අපේක්ෂා කෙරේ. එම සිසුන්ට නව පාසල් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා දීම මෙම නව චක්‍රලේඛයේ මූලික අරමුණයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන ඇත. අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා විසිනි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment