මන්ත‍්‍රී ඉඩමෙන් හමුවූ ගිනි අවි තොගය මෙන්න..

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ආනයනය කරන ලද රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක් තුල සඟවා තිබෙන බවට අනාවරණය වී තිබුණි.
ඒ අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කර එම ඉඩමේ වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අදාල රසායනික ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩමේ ආරක්ෂාව සඳහා යොදවා සිටි මිද්දෙනිය පොලිස් ස්ථානයේ සහ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.09.06 වන දින එම ඉඩමේ තිබී ජීව අත් බෝම්බ 05 ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 17 ක්, බෝර 12 වර්ගයේ 02 ක් සහ හිස් පතොරොම් කොපුවක් සොයාගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සහ මිද්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment