පොලිස් ජීප් රථයක් හොරුන් විසින් පැහැරගෙන යයි..


පොලිස් ජීප් රථයක් හොරුන් විසින් පැහැරගෙන යයි..

තිස්සමහාරාමය පොලිසියට අයත් ජංගම මුර සංචාර ජිප් රථයක් අද (03) රාත්‍රියේදී සොරුන් විසින් රැගෙන ගොස් අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී හමුවී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.


රාත්‍රී මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 119 හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු සොයා බැලීමට ගොස් ඇත.

පොලිස් නිලධාරීන් සියලු දෙනාම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ජිප් රථය නවතා ඉන් බැස ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ජිප් රථයේ එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇත. මෙම තත්ත්වය සොරකමට හේතු වී ඇති බවට සැක කෙරේ.

ජිප් රථය සොරකම් කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින්, එන්ජිම ක්‍රියා විරහිත කර දමා ගොස් තිබියදී පොලීසියට හමුවී ඇත. වාහනයේ යතුර ද එහි එංජිම පණගැන්වූ ස්ථානයේ තිබී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

ජිප් රථය එන්ජිම ක්‍රියාත්මක කර අතහැර දමා ගිය එහි රියදුරුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබේ.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…