මන්ත‍්‍රීවරයෙක් හිමිනමකට පහර දෙයි…


මන්ත‍්‍රීවරයෙක් හිමිනමකට පහර දෙයි…





දේපළ සම්බන්ධ ගැටුමක් මුල් කරගනිමින්, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් හිමි නමකට සහ තරුණයෙකුට සිදුකළ පහරදීමක් පිළිබඳව තංගල්ල මූලස්ථාන පොලීසිය විමර්ශන අරඹා ඇත.

තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් සහ අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතවරයට ලක්ව ඇති බව වාර්තා වේ.

පසුගිය 3 වන දින මෙම විහාරස්ථානයේ පැවති පෙරහැරක් සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම පැහැර හැරීම මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. පහරදීම සිදුකළ බවට සැක කරන පුද්ගලයා මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායක වන අතර, ඔහු තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

පහරදීමට ලක්වූ හිමි නම මේ වන විට තංගල්ල මූලික රෝහලේ අංක 8 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මන්ත්‍රීවරයාද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටී.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…