හම්බන්තොට ලුණු ලේවායේ ලොක්කෙක් අයිස් තොගයක් සමග අත්අඩංගුවට..

හම්බන්තොට මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි මෙම පුද්ගලයා හම්බන්තොට, බැරැක් විදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු හම්බන්තොට ලුණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කරන බවද හඳුනාගෙන ඇත.
මෙම වැටලීම හම්බන්තොට, කෙයාර් පල්ලිය ආසන්නයේදී සිදුවී ඇත.
සැකකරු වැඩිදුර කටයුතු සඳහා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment