රාජ්‍ය බැංකු විකුණා දැමීමේ සැලසුමක්…?


රාජ්‍ය බැංකු විකුණා දැමීමේ සැලසුමක්…?





ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකු පද්ධතිය විකුණා දැමීමට සැලසුම් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්ඡාවකට එවෙමින් ඔහු මෙසේ අදහස් පළ කර තිබේ.

මහ බැංකුවෙන් උද්ධමනය සියයට 5ක මට්ටමක තබා ගැනීම අපේක්ෂා කරලා තිබුණා. නමුත් අපේක්ෂිත මට්ටමේ උද්ධමනය රඳවා ගැනීමට මහ බැංකුවට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒත් ඉඩ කඩම්, යාන වාහන සහ කොටස් වෙළෙඳපොළේ මිල බලා සිටියදී ඉහළ යනවා. ඒ අනුව ජනතාවගේ ආදායමෙන් වැඩි කොටසක් ණය සහ පොලී හැටියට බැංකු පද්ධතියට ඇදී යනවා.

ඒ අනුව රටේ බැංකුකරුවනුයි, බදු සහ දඩ ලෙස රජයත් විසින් ජනතාව හූරා කෑමකට ලක් කරනවා.

ඒ අතරේ ආණ්ඩුව රාජ්‍ය බැංකු පද්ධතිය විකුණන්න හදනවා. මේක තමයි ණය හිමියාගේ සැලසුම.

මේක අපේ රටට ගැළපෙන වැඩපිළිවෙළක් නෙමෙයි. මේ ආණ්ඩුව හුදෙක් රූකඩයක් විතරයි

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…