මාලිමාව මහ පාරේ නඩු තීන්දු දෙනවා.. පෙරටුගාමී කාර්යාලය බලෙන් අල්ලගෙන..



මාලිමාව මහ පාරේ නඩු තීන්දු දෙනවා.. පෙරටුගාමී කාර්යාලය බලෙන් අල්ලගෙන..





ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩි සේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. 


කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බවත්, පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජය තුළ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…