ට්‍රම්ප්ට බයේ අනුර නොගිය ගමනක් ගැන මුජිබර් කියයි..

ආණ්ඩුවේ මැති – ඇමැතිවරුන්ගේ මාධ්‍ය සන්දර්ශන පසෙක දමා සැබෑ ප්‍රශ්න වෙනුවෙන් ජනතාවට උත්තර ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.
කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙසේද කීය.
සෑම සතියකම වාහන අනතුරුවලින් මිය යන ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම බස් රථ පෙරළීමෙන් වන හානි ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම දවසින් දවස රට තුළ සිදුවන වෙඩි තැබීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
ඒ හරහා සිදුවන මරණ ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මාර්ග අනතුරු බහුල වී තිබෙන අතර මාර්ග අනතුරු වළක්වාලීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ආණ්ඩුව විශාල ගැටුමක් ඇති කර ගෙන තිබෙනවා. ලංගම වෘත්තීය සමිතිවලට සවන් දෙන්න ආණ්ඩුව කටයුතු කරන්නත් නැහැ. ආණ්ඩුවේ තිබෙන උද්දච්චකම පැත්තකින් තියලා මෙම ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ දැරිය යුතුයි.
පසුගිය සතියේ විශාල ලෝක සමුළුවක් චීනයේ පැවැත්වුණා. එම සමුළුවට ලෝකයේ බලවත් රටවල් සහභාගි වුණා. ලංකාව 2009 සිට මෙම සමුළුවට සහභාගි වෙනවා. නමුත් එම සමුළුවට ලංකාව වෙනුවෙන් ජනාධිපති හෝ ආණ්ඩුවේ කිසිදු අයෙක් සහභාගි වුණේ නැහැ.
ලංකාව එම සමුළුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව පුවත්පත් වාර්තා වී තිබෙනවා. මෙම සමුළුවට ලංකාවට සහභාගි වන ලෙසත් මෙම සමුළුව ඉතාම වැදගත් සමුළුවක් බවත් ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීනයේ බිජිං නුවර තිබෙන ලංකාවේ තානාපති කාර්යාලය ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා. නමුත් ජනාධිපති කාර්යබහුල නිසා එම සමුළුවට සහභාගි නොවූ බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සමාජවාදය පිළිගත්, චීනයේ ආකෘතිය ලංකාවට ගෙන ඒමට උත්සාහ දරන ටිල්වින් සිල්වා ඇතුළු නඩය පාලනය කරන වර්තමාන ආණ්ඩුව චිනයේ තිබුණ විශේෂ සමුළුවට සහභාගි වුණේ නැහැ. ඇමරිකාවේ ට්‍රම්ප් පාලනයේ පීඩනය නිසා මෙම සමුළුවට ආණ්ඩුව සහභාගි වෙලා නැති බවයි අපට පෙනෙන්නේ.
ඊශ්‍රායල් ජාතිකයන්ට නොමිලේ වීසා ලබාදී ලංකාවට ගෙන්වා ගන්න රජය කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායල ජාතිකයන් ලංකාවට පැමිණ ලංකාවේ ජනතාවට පහර දෙනවා. ඔවුන්ට ඇපත් ලබාදෙන්න කටයුතු කරනවා. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මේකද? ආණ්ඩුවට කිසිදු විදේශ ප්‍රතිපත්තියක් නැහැ.
කච්චතිව් දූපතට ගිහින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා කච්චතිව් දූපත කාටවත් ලබාදෙන්නේ නෑ කියලා.
ජනාධිපති කච්චතිව් නෙවෙයි යන්න ඕන. ජනාධිපති යන්න ඕන ආරුගම්බේ සහ වැලිගම. ඊශ්‍රායල ජාතිකයන් ආරුගම්බේ බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබෙනවා. ඊශ්‍රායල ජාතිකයන්ගේ ක්‍රියාකාරිත්වය ලංකාව තුළ දවසින් දවස වැඩි වෙනවා.
ඒ පිළිබඳ රජය සොයා බැලිය යුතුයි. ඒ වගේම ලංකාවේ ජනතාවට ඔවුන් පහර දෙනවා. ඒ නිසා මිනිස්සු නැති කච්චිතිව් දූපතට ජනාධිපති ගිහිල්ලා වැඩක් නැහැ.
මෙරට සිදුවූ අපරාධ පිළිබඳව ජනාධිපතිවරයා කතා කරනු ලබන්නේ 2010 සිටයි. 2010ට පෙර සිදුවුණ අපරාධ ජනාධිපතිවරයා සොයන්නේ නැද්ද. 2010ට පෙර සොයා ගැනීමට නොහැකි අපරාධ රැසක් තිබෙනවා.
77 සිට සිදුවන අපරාධ පිළිබඳ සෙව්වොත් ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. ජනාධිපතිවරයා ඔහුට වාසි වෙන කතා විතරයි කියන්නේ.
ආණ්ඩුව ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයකට ගමන් කරනවා. විරුද්ධ පක්ෂ දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුව වෙනදාට වඩා අධිකරණයට බලපෑම් කරනවා.
ඒ වගේම නඩු ඉවත් කර ගන්න නීතිපතිට බලපෑම් කරනවා. මර්දනකාරි වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ඒකට මුහුණ දෙන්න විපක්ෂයේ සියලුම පක්ෂ සූදානම්. ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ජනතාව එකතු විය යුතුයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්න සියලුදෙනා එකතු විය යුතුයි.’
සචිත්‍ර පෙරේරා
Comments
Post a Comment