කෙහෙළිය රඹුක්වැල්ල පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා
- Get link
- X
- Other Apps

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්, හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇත. රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් නීති විරෝධී ලෙස උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබේ.
2022 ජනවාරි 1 වැනිදා සිට 2023 නොවැම්බර් 14 වැනිදා දක්වා වූ කාලය තුළදී රුපියල් 296,500,000කට අධික මුදලක් වටිනා දේපළ උපයාගෙන ඇති බවත්, ඉන් රුපියල් 275,302,616.06ක වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමෙන් දූෂණ විරෝධි පනත යටතේ වරදක් සිදු කර ඇති බවත් අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.
චෝදනා පත්‍රයට අනුව, රමිත් රඹුක්වැල්ල මහතා නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් අතරට කොළඹ 7, ධර්මපාල මාවතේ පිහිටි කැපිටල් රෙසිඩන්ස් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 8ක් සහ කෝටි 6.5ක් වටිනා නිවාස දෙකක් ඇතුළත් වේ. මීට අමතරව, ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ නමට පවත්වාගෙන ගිය බැංකු ගිණුම් අටක් සහ රුපියල් කෝටි 1.8කට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් ද මෙම වත්කම් අතරට ඇතුළත් බව සඳහන්ය.
මෙම කාලය තුළ ඔහු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment