කොමර්ෂල් බැංකු ඩිජිටල් ගණුදෙනු හැක්වෙලාද..


කොමර්ෂල් බැංකු ඩිජිටල් ගණුදෙනු හැක්වෙලාද..





කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂ නිවේදනයයි

කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් අනාරක්ෂිත බවත් පවසමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වාර්තා පිලිබඳ අපගේ අවධානය යොමු වී ඇත. 

කොමර්ෂල් බැංකුවෙහි සියළුම ඩිජිටල් බැංකු පද්ධති සහ යෙදුම් (Apps) ස්ථාවර සහ සුරක්ෂිත බව ද ඒ සඳහා ජාත්‍යන්තර තත්වයේ ආරක්ෂක ක්‍රියාමාර්ග නිරතුරුව ක්‍රියාත්මක වෙමින් පවතින බවද අවධාරණය කරමු. අපගේ පද්ධති හෝ පාරිභෝගික ගිණුම් සඳහා කිසිදු අවධානමක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

තම පෞද්ගලික මූල්‍ය තොරතුරු (OTP, මුරපද හෝ ගිණුම් විස්තර) කිසිදු තෙවැනි පාර්ශවයක් වෙත ලබා නොදෙන ලෙසත් සැක සහිත වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් අපගේ ගනුදෙනුකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…