‘අයිස්’ ෆැක්ටරියක් වටලයි.. විදේශිකයෙක් අත්අඩංගුවට…

ගාල්ල, වැළිගම ප්‍රදේශයේ, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ස්ථානයක් වැටලූ පොලිසියට, අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැකකෙරෙන තරුණ විදේශිකයෙක් හමුවී ඇත.
ඔහු සතුව තිබී, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන මෙතෆෙටමින්ද සොයා ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18ක් වන මෝල්ටා ජාතිකයෙකි.
Comments
Post a Comment