සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ පරපුර ප්‍රචන්ඩ වෙති…

සමාජ මාධ්‍ය භාවිතය වත්මන් තරුණ පරපුර අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම් වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මානසික සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා අවධාරණය කරන්නේ මෙවැනි ප්‍රචණ්ඩකාරී නැඹුරුවක් ඇති පුද්ගලයන් කඩිනමින් හඳුනාගෙන නිසි මඟ පෙන්වීම් තුළින් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත්කමයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ප්‍රචණ්ඩත්වය යනු සමාජයේ ගැටලු විසඳා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයක් බවත්, මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය වගකිව යුතු බවත් පැවසීය.
සමාජය තුළ වෛරය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීමට සමාජ මාධ්‍ය වේදිකා මතවාදී වශයෙන් පසුගිය කාලය පුරාම උපයෝගී වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද නව යොවුන් වියේ පසුවන බොහෝ පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරීමට පෙළඹී ඇත.
මෙම තරුණයන් මත්ද්‍රව්‍ය හා පාතාල කල්ලි සමඟ මෙන්ම විවිධ සන්නද්ධ කණ්ඩායම් සමඟ ද සම්බන්ධ විය හැකිය. ඔවුන්ට තම කෝපය පාලනය කර ගැනීමට පවා අපහසු වී ඇත. එවැනි උප සංස්කෘතීන්ට හුරු වූ පසු එයින් මිදීම ඉතා අසීරු බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය මර්දනය කිරීමට නම්, පාතාල කල්ලි සාමාජිකයන් නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමු වන පුද්ගලයන් මුල් අවධියේදීම හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය පුනරුත්ථාපනය ලබා දීම මෙම තත්ත්වය අවම කර ගැනීමට කළ හැකි ප්‍රධානතම කාර්යය බව ද ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
Comments
Post a Comment