හම්බන්තොට අයිස් මත්ද්රව්ය නිෂ්පාදනාගාරයක් අල්ලයි..

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුරංගගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පිහිටි අයිස් මත්ද්රව්ය නිෂ්පාදනාගාරයක් වැටලීමේදීය.
එහිදී, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ උපකරණ රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සැකකරු, පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති අපරාධකරුගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.
Comments
Post a Comment