Skip to main content

බොරැල්ල ස්පා එකට පැන අතවර කර පැනයද්දී කොස්තාපල් වැටී තුවාලයි

 

constable-falls-and-injures-himself-while-escaping-from-borella-spa-after-being-assaulted

 බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වී එහි සේවය කළ කාන්තාවන් තිදෙනෙකුට පහර දී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. සැකකාර කොස්තාපල්වරයා එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කිරීමේදී ගොඩනැගිල්ලක උඩුමහලෙන් බිමට පැනීම නිසා තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකරු පළා ගොස් ඇති අතර, ඔහු සේවයෙන් පහ කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට පත් 31 හැවිරිදි සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව සේවය කරන්නෙකි. මෙම සැකකරුවන් දෙදෙනා ඉරිදා (31) අලුයම අදාළ සම්බාහන මධ්‍යස්ථානයට කඩා වැදී එහි කළමනාකරුට සහ චිකිත්සකවරියන් තිදෙනාට පළමුව පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

පහර දීමෙන් අනතුරුව සැකකරුවන් විසින් කාන්තාවන් තිදෙනාට ලිංගික අතවර සිදු කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ. අතවරයට ලක් වූ බව කියන කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර, ඔවුන් සහ ආයතන කළමනාකරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර ඇත. රෝහල්ගතව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන කොස්තාපල්වරයා සුවය ලැබූ පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පළා ගොස් සිටින අනෙක් සැකකරු සොයා බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…