මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 800ක අවභාවිතා හෙලිවෙයි.. ලොක්කෙක් අමාරුවේ…

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් මිලියන 8,000කට වැඩි මුදලක් එහි පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව අවභාවිත කර ඇති බව හෙළිදරව් වී තිබේ.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුවක් මගිනි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාද මෙම කරුණ තහවුරු කර ඇත.
කමිටුවේ අවසන් වාර්තාව ලැබුණු පසු, මෙම මුදල් වංචා කළ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment