කෝටි 80ක මුල්‍ය අවභාවිත චෝදනා..- අර්ජුන ගැන පරීක්‍ෂණ කරන්නැයි අල්ලස් කොමිසමට කියයි…

රුපියල් මිලියන 800ක අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග යන අය වෙත එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඉල්ලීම සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් එම පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා කියා සිටියේ, මෙම මුදල් අවභාවිතාව සිදු වී ඇත්තේ අර්ජුන රණතුංග මහතා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී බවයි.
එකල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ ධම්මික රණතුංග මහතා බවත්, මෙම සහෝදරයන් දෙදෙනාටම චෝදනා එල්ල වී ඇති බවත් ඔහු පැවසීය.
2019 වසරේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කරන ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශනය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවත්, විමර්ශන කටයුතු මෙලෙස නැවතී තිබීම සැකයට භාජනය විය යුතු බවත් මහවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment