පල්ලියකට ප‍්‍රහාරයක්… 78ක් මරුට…

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.
එල්-ෆාෂර් නගරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහි වගකීම පැරාමිලිටරි රැපිඩ් සපෝට් ෆෝසස් (RSF) කණ්ඩායම මත පැටවුවද, ඔවුන් ඒ සඳහා වගකීම භාරගෙන නැත.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ RSF කණ්ඩායම සහ සුඩාන හමුදාව දරුණු සිවිල් යුද්ධයක නිරත වී සිටිති.
මෙම ප්‍රහාරය උදෑසන යාඥා වේලාවේදී සිදුවූ බවත්, එහිදී බොහෝ දෙනෙක් ක්ෂණිකව මියගිය බවත් සිද්ධිය දුටු අය පැවසීය.
78 දෙනෙකු මියගොස් ඇති අතර, 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින සිරුරු ඉවතට ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.
Comments
Post a Comment