පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා කියා ශෂීන්ද්‍ර ඇප ඉල්ලයි…

 

පැයකට 35 වතාවක් හුස්ම හිරවෙනවා කියා ශෂීන්ද‍්‍ර ඇප ඉල්ලයි…





අරගලකරුවන් විසින් මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කාර්යාලයක් ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් 8,850,000.00ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය.


මෙම නඩුව සම්බන්ධයෙන් ඇප ලබා දීම හෝ නොදීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

සැකකරුට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියේ, නින්දේදී එක් පැයකට 35 වතාවක් හුස්ම හිරවන රෝගී තත්ත්වයක් ඔහුට පවතින බව විශේෂ කරුණක් ලෙස සලකා බලන ලෙසටය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, සැකකරු මාසයකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින බවත්, එම රෝගය පවතින බවට කියන්නේ නම් ඒ වන විට ඔහු මිය ගොස් සිටිය යුතු බවත්ය. එම නිසා අල්ලස් කොමිසම එම රෝගී තත්ත්වය පිළිබඳව විශ්වාස නොකරන බවත්, ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, රෝගී තත්ත්වය පිළිබඳව ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයටම දැනුම් දුන්නේය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…