වතුකම්කරුවන් පෙන්ෂන් යද්දී පර්චස් 10ක ඉඩම් හිමියෙක් කරනවා..- ඇමති සමන්ත


වතුකම්කරුවන් පෙන්ෂන් යද්දී පර්චස් 10ක ඉඩම් හිමියෙක් කරනවා..- ඇමති සමන්ත





වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාව මේවන විට සාකච්ඡාවට බදුන් වී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ලංකා වතු සේවක සංගමයේ 105 වන සංවත්සරය නිම්ත්තෙන් (07) දින හැටන් උත්සව ශාලාවක පැවති උත්සවයකදී එම උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වසර 76ක් පැවති රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරමින් නව රජයක් යටතේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.

මේ රටේ දූෂණය, වංචාව, නාස්තිය අවම කර බදු නොගෙවන්නන්ගෙන් කිහිප පිරිසකගෙන් බදු මුදල් අය කරගෙන රටේ ආර්ථිකය ඩොලර් බිලියන 6 දක්වා වැඩි කිරිමට හැකි වු බවද ඇමතිවරයා පැවසීය.

තවද මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට වතු සමාගම් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත්, වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කරනවාට සමගාමීව වතු කාර්යමණ්ඩල වලත් වැටුප් වැඩි කිරිමට අවශ්‍ය කටයුතු කරන බවයි.

තවද 2030 වසර වන විට මේ රටේ තේ නිෂ්පාචනයත්, පොල් නිෂ්පාදනයත් වැඩිකිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒ සදහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම උත්සවයට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා කියා සිටියේ රටේ ආර්ථීකය ඉහළ දැමීමට සහ රටේ සංවර්ධන වෙනුවෙන් රජය ගන්නා ඕනෑම තීරණයකට තම සංගමයේ සහයෝගය ලබා දෙන බවයි.

මෙම අවස්ථාවට එම පක්ෂයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා ඇතුලු එම සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…