රනිල් වික්‍රමසිංහ අද සාමාන්‍ය වාට්ටුවකට - ජීවිත අවදානමේ තීරණය පවුලට




කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) දින සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව ද වාර්තා වේ.



ඉකුත් 23 වන සෙනසුරාදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, බන්ධනාගාර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඒ මහතා දින හයක් පුරා එහි ප්‍රතිකාර ලැබීය.


සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන නමුත් ඔහු ‍ජාතික රෝහලේ ගෙවන අංශයේ වාට්ටුවකට යොමු කරනු ඇති බව වාර්තාවේ.
මින් ඉහත බන්ධනාගාර රෝහලේ සිට ඔහු ඇතුළත් කරන ලද්දේ ගෙවන වාට්ටුවකටය.
හිටපු ජනාධිපතිවරයා රෝහලෙන් පිටව යන්නේ ද, එසේත් නැතිනම් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීමේ හැකියාව වික්‍රමසිංහ මහතාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉතිහාසගත නඩු තීන්දුවකින් රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර පැයක් ඇතුළත ඔහුගේ රෝගී තත්වයන් මතුවූ අතර දින 4 කට පසු වෛද්‍ය වාර්තා අනුව ඔහු හෘදයේ ප්‍රධාන ධමනි 4 න් 3 ක්ම අවහිරවී එකකින් පමණක් ඉතා අපහසු මට්ටමෙන් ජීවිතය ගෙනයන රෝගියෙකු බව අනාවරණය විය.මෙම රෝගී තත්වයන් ඔහුගේ පාක්ෂිකයින්ගේ කම්පනයටත්  ඇතැමුන්ගේ විමතියටත් හේතුවිය.

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…