සිසුවෙකු අපයෝජනය කළ අනුරපුරේ ගුරුවරයෙක් රිමාන්ඩ්


 අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක දොළොස් හැවිරිදි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සැකකාර ගුරුවරයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.





අදාළ පාසලේ ගණිතාගාරය තුළදී මෙම අපයෝජනය සිදුව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට අමතරව, චූදිත ගුරුවරයාට එරෙහිව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත ආයතනික මට්ටමින් වෙනම විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ



අදාළ පාසලේ ගණිතාගාරය තුළදී මෙම අපයෝජනය සිදුව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට 

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…