බැකෝ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට..


Views




ඇය ගැන අහන්න ලැබුණු ඒ අලුත්ම පුවත මොකක්ද කියලා ඔබත් දැනගන්න කැමතියිද..? 

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ බැකෝ සමන්ගේ බිරිඳ ගැන ඒ ඇසුණු ආරංචියයි මේ.. 



ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන නිදහස් කළ බැකෝ සමන්ගේ බිරිඳ පී.එස්. ලක්ෂානි නමැත්තිය ‍ඊයේ(29) මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

වයස අවුරුදු 30ක් වන ඇය මිද්දෙණිය උලහිටියාවේ පදිංචිකාරියකි. ඇය මෙරටට පැමිණෙන්නේ ඊයේ සවස් කාලයේදීය. ඇගේ දරුවා ඥාතියෙකුට භාරදීමට පියවර ගෙන ඇති බවද සඳහන්..

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වීම සහ ඇඹිලිපිටි‍ය ම/උ , බී. ආර්. 1059/22 දරණ නඩුවේ අධිකරණ නියෝග සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.. 

ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් 2022 වසරේ ජූලි මාසයේදී ඇඹිලිපිටියේ පිහිටි නිමි ඇදුම් හා ගමන් මලු නිෂ්පාදනය කිරීමේ ස්ථානයක ගබඩාකර තිබී හෙරොයින් කිලෝ 38කට ඇධික ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. එම මත්කුඩු සමග මවක් සහ පුතෙක්ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා..

මෙම මත්කුඩු තොගය හරක් කටාට අයත් බව එකල පැවැත්වූ විමර්ශන වලින් හෙළිවී තිබිණි. ඒ වනවිට හරක් කටා රැඳී සිටියේ ඩුබායි වලය. මුහුදු මාර්ග ඔස්සේ පකිස්තානයේ සිට මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ සිය ගණනක් අතරින් මෙම කොටස බෙදා හැරීම සඳහා මෙම ස්ථානයේ සඟවා තබා ඇත්තේ බැකෝ සමන් සහ ඔහුගේ බිරිඳ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා..

පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ ඇඹිලිපිටිය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කිරීමත් සමඟ බැකෝ සමන් සහ බිරිඳ රටින් පළාගිය බව සඳහන්..

මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට ඔත්තුව පොලිසියට ලබාදුන්නේ මිද්දෙණිියේ කජ්ජා විසින් බවට දිගින් දිගටම බැකෝ සමන් සැකකර තිබෙනවා..

ඒ අනුව බැකෝ සමන් විසින් කජ්ජා ඝාතනය කිරීීමට අවස්ථා ගණනාවක්ම ඩුබායි සිට උත්සහ දරා තිබුණා..

හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමත් සමග බැකෝ සමන්ගේ බලය ගිලිහී ගියත් පසුව ඔහු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම් සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනිමත් සමඟ බලවත් වෙමින් කජ්ජා ඝාතනය කරවා ඇති බව විමර්ශන වලින් අනාවරණය වුණා..

Comments

Popular posts from this blog

ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…