හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි
මේ හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය කටයුතු යොදා ඇත්තේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පසුගිය 22 වනදා නියෝග කළා.
අනතුරුව නව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව හදිසි වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ඒ අනුව, රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොමැති තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍යවරුන් ඊයේ ප්‍රකාශ කළා.
එවන් පසුබිමකයි රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවීමට නියමිතව ඇත්තේ.
මේ අතර, වෛද්‍ය නිර්දේශයේ හිටපු ජනාධිපතිවරයා දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවට සඳහන් වන්නේ නම් ඔහුව පිටතට ගෙනයාමේ හැකියාවක් නොමැති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ කියා සිටියේ.
Comments
Post a Comment