සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ හි පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබයි. එක්දින තරගාවලියකින් සහ විස්සයි20 තරගාවලියකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය හෙට (29) ආරම්භ වීමට නියමිතය.
මෙවර සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු කැඳවා තිබීම විශේෂත්වයකි. ඒ අනුව, කමිල් මිෂාර සහ විශේන් හැළඹගේ ප්‍රථම වරට ජාතික විස්සයි20 සංචිතයට ඇතුළත්ව ඇත.
මීට අමතරව, මෑතකදී නිමාවට පත්වූ SLC T20 ලීග් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දස්කම් දැක්වූ මැදපෙළ පිතිකරු නුවනිදු ප්‍රනාන්දුට ද සංචිතයේ ස්ථානයක් හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් මස 03 වන දින ආරම්භ වීමට නියමිතව ඇත.
සංචිතය මෙසේය
1) චරිත් අසලංක - නායක
2) පැතුම් නිශ්ශංක
3) කුසල් මෙන්ඩිස්
4) කුසල් පෙරේරා
5) නුවනිදු ප්‍රනාන්දු
6) කමිඳු මෙන්ඩිස්
7) කමිල් මිෂාර
8) විශේන් හැලඹගේ
9) දසුන් ශානක
10) දුනිත් වෙල්ලාලගේ
11) චාමික කරුණාරත්න
12) මහීෂ් තීක්ෂණ
13) දුෂාන් හේමන්ත
14) දුෂ්මන්ත චමීර
15) බිනුර ප්‍රනාන්දු
16) නුවන් තුෂාර
17) මතීෂ පතිරණ
Comments
Post a Comment