Posts

ජපානයේදී ගිවිසුම් අත්සන් කර ඇත්තේ කොළඹ සිටින ජපාන තානාපති එක්ක.. ජපාන ඇමතිලා, ලේකම්ලා කිසිවෙක් නෑ…

Image
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද ජපාන සංචාරයේදී රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි. දෙරණ රූපවාහිනියේ පැවැති වාද පිටිය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කරන ලදී. ජනාධිපතිවරයා ජපානය සංචාරයේ යෙදුනේ එරට භාරකාර රජයක් ක්‍රියාත්මක වන අවස්ථාවක බවත් එහිදි අත්සන් තබන ගිවිසුම් නීතිමය වලංගුභාවයක් නොමැති බවත් ඔහු චෝදනා කළේය. එමෙන්ම ජනාධිපතිවරයා එරටදී සහභාගි වූ නිල ගිවිසුම් අත්සන් තැබීමේදී අත්සන් තබන ලද ගිවිසුම් දෙකටම ජපාන පාර්ශවයෙන් අත්සන් තබන ලද්දේ ජපානය විසින් කොළඹට පත් කර සිටින තානාපතිවරයා විසින් බවටත් ජපාන රජයේ කිසුදු ඇමතිවරයෙක් හෝ ලේකම්වරයෙක් අත්සන් තබා නැති බවත් ඔහු පැවසුවේය. ඒ ආකාරයේ ගිවිසුම්ගත වීමක් සඳහා කොළඹ සිටින තානාපතිවරයා ජපානයට ගෙන යාමේ උවමනාවක් නැති බවත් විජිත හේරත් අමාත්‍යවරයාට සහ ජපාන තානාපතිවරයාට කොළඹදී අත්සන් කරගැනීමේ හැකියාව තිබුණු බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..

Image
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) විසින් 2025 සැප්තැම්බර් 30 වන දින මධ්‍යම රාත්‍රී 12:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති බව නිවේදනය කරයි. මෙම මිල වෙනස් කිරීම, රජයේ ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව සිදු කර ඇති බව සංස්ථාව සඳහන් කරයි. ලංකා සුපර් ඩීසල්, ලංකා ඔටෝ ඩීසල් සහ ලංකා භූමිතෙල් යන ප්‍රධාන ඉන්ධන වර්ගවල මිල අඩු වී ඇති අතර, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් සහ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් යන වර්ගවල මිල වෙනස් නොවේ. නව මිල ගණන් (ලීටරයක් සඳහා): ඉන්ධන වර්ගය පෙර මිල (රු.) / වෙනස් වීම (රු.) / නව මිල (රු.) ලංකා සුපිරි ඩීසල් 343.00 (06.00) 337.00 ලංකා ඔටෝ ඩීසල් 283.00 (06.00) 277.00 ලංකා භූමිතෙල් 185.00 (05.00) 180.00 ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් 341.00 – ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් 299.00 –

ඉන්ධන පිරවුම්හල් වහන්න යයි..

Image
  ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරන්නේ, දැනට තමන්ට ලැබෙන 1.75%ක ඉතා අඩු කොමිස් මුදල හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාම තවදුරටත් කළ නොහැකි බවයි. පිරවුම්හල් නඩත්තු කිරීමේ සහ සේවක වැටුප් ගෙවීමේ වියදම් පියවා ගැනීමට මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, ඉදිරියේදී තම ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති. සංගමයේ සාමාජිකයෙක් කියා සිටියේ, මෙම අසීරු තත්ත්වය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැහැදිලි කිරීමට උත්සාහ කළද, ඔවුන් එය තේරුම් ගැනීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැතිනි හරිනි අමරසූරියට නිල වශයෙන් ලිපි යොමු කර තිබේ. බෙදුම්කරුවන් පෙන්වා දෙන්නේ, සියලුම ඉන්ධන සැපයුම්කරුවන් රජයේ උපරිම සිල්ලර මිලට අලෙවි කළද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව , අනෙකුත් තරඟකාරී සැපයුම්කරුවන්ට සාපේක්ෂව තම පිරවුම්හල් හිමියන්ට සැලකිය යුතු තරම් අඩු කොමිස් මුදලක් ගෙවන බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ, මේ නිසා CPC විසින් බෙදුම්කරුවන්ගේ වියදමින් දැවැන්ත ලාභයක් උප...

ජනපතිවරයකුට වාහනයක් ගෙන්වීමේදී ජිල්මාට් ගොඩක්…

Image
හිටපු ජනාධිපතිවරයකුගේ භාවිතයට සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විදේශීය සැපයුම්කරුවකු වෙත ණයවර ලිපි මගින් රුපියල් එක්කෝටි හැටහතරලක්ෂ අසූනවදහස් හත්සිය එකොළහක මුදලක් ප්‍රේෂණය කර තිබිය දී නැවත පෞද්ගලික පාර්ශ්වයක් වෙත ද රුපියල් එක්කෝටි හැටදෙලක්ෂ පනස්දහසක මුදලක් (16,250,000) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. අදාළ පෞද්ගලික පාර්ශ්වය විසින් එම මුදල විදේශීය සැපයුම්කරුට ගාස්තු වශයෙන් ගෙවූ බව දන්වා තිබුණ ද එසේ මුදල් ගෙවූ බවට තහවුරු නොවූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ණයවර ලිපි විවෘත කර තිබිය දී රජයේ මුදල් තෙවන පාර්ශ්වයකට ගෙවීම සඳහා පදනම විගණනයේ දී අනාවරණය වී නැත. මෙකී පෞද්ගලික පාර්ශ්වය විසින් මෙම මෝටර් රථය ආනයනය කර කාර්යාලයට ලබා දුන් බවට තහවුරු නොවූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව හිටපු ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා 2013 වර්ෂයේ දී Mercedes Benz G63 AMG මාදිලියේ මෙම මෝටර් රථය විදේශීය සැපයුම්කරුවකුගෙන් මිලදී ගෙන තිබුණි. ජනාධිපති ලේකම් කා...

අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගනී…

Image
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා කොටුව පොලිස් ස්ථානය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය. මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ, කොටුව ප්‍රදේශයේ පසුගිය දිනකදී පැවති සත්‍යග‍්‍රහයක් අතරතුර පොලිස් රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද දින පොලිසිය වෙත කැඳවා තිබිණි. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අධිකරණයට ඉදිරිපත් කරන ලද මන්ත‍්‍රීවරයා ඇප මත නිදහස් කර ඇත. මන්ත‍්‍රීවරයා වරද පිළිගෙන ඇති අතර පොලිස් නිලධාරීන්ගෙන් සමාව ගෙන ඇත. ඒ අනුව ලක්ෂ 10 ක් ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.

කිලිනොච්චියේ පිපිරීමක්..

Image
අද පෙරවරුවේ කිලිනොච්චිය තට්ටුවන්කෝට්ටි ප්‍රදේශයේදී පිපිරීමක් සිදුව තිබේ. ඉන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇත. මෙම පිපිරිම සිදුව ඇත්තේ අතහැර දමූ නිවසක කැණීම් කටයුත්තක් කරමින් සිටියදීය.

ශ‍්‍රී ලංකා ආණ්ඩුව මාක්ස්වාදීන්, බටහිර විරෝධීන්.. ආයෝජනවලට අවදානම්..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් කියයි…

Image
2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් පැවතුණද, රටේ ආයෝජන පරිසරය තවදුරටත් අභියෝග රැසකින් පිරී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2025 ශ්‍රී ලංකාවේ ආයෝජන දේශගුණික ප්‍රකාශනය හෙළි කරයි. ප්‍රකාශනයට අනුව, 2024 වසරේදී 5% ක දළ දේශීය නිෂ්පාදන (GDP) වර්ධනයක් වාර්තා වීම අපේක්ෂාවන් ඉක්මවා ගිය යහපත් තත්ත්වයකි. එහෙත්, මහා පරිමාණ විදේශ සෘජු ආයෝජන (FDI) තවමත් කුඩා ගනුදෙනු මට්ටමක පවතී. 2024 වසර අගදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජන බලවේගයය ලැබූ මැතිවරණ ජයග්‍රහණ හේතුවෙන් රටට දේශපාලන ස්ථාවරත්වයක් ලැබී තිබේ. NPP රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3 ක වැඩසටහනට (2023-2027) අඛණ්ඩව කැපවී සිටීම ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට හේතුවක් වී ඇත. කෙසේ වෙතත්, NPP නායකත්වයේ ඓතිහාසිකව පැවති බටහිර විරෝධී, මාක්ස්වාදී මතවාදය හේතුවෙන් බොහෝ ආයෝජකයින් තවමත් අවිනිශ්චිතව සිටින බව මෙම ප්‍රකාශනයේ සඳහන් වේ. මහා පරිමාණ ආයෝජන රට තුළට ගලා ඒමට නම්, වත්මන් ආණ්ඩුවෙන් ප්‍රතිපත්ති ස්ථාවරත්වය, නියාමන ප්‍රතිසංස්කරණ සහ වැඩිදියුණු කළ විනිවිදභාවය ඉහළ නැංවිය යුතු බව ...